පොල් ගෙඩියක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිහෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කොට තිබෙනවා.
ඒ අනුව වට ප්‍රමාණය අගල් 13 කට වැඩි පොල් ගෙඩියක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රු. 70ක් වනවා.
අගල් 12-13 අතර පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රු.65ක් වන අතර අගල් 12 ට අඩු පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රු.60ක් බවයි එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.