පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුගේ නිවස සහ ඉඩමට හොර ඔප්පු සෑදු 05 දෙනෙක් CID අත්අඩංගුවට

September 17, 2020 at 11:09 PM

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරුවෙකුට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා වෙනත් පාර්ශවයක් විසින් පවරාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයට අදාළව නීතිඥවරයෙකු ඇතුළු 05 දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අද දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ එක් බෝම්බකරුවෙක් වූ ඉන්සාෆ් අහමඩ් නමැත්තාට හිමිව තිබු නිවසක් සහ ඉඩමක් එසේ ව්‍යාජ ලෙස පවරාගෙන ඇති බවට තොරතුරු හෙළිවූ බවයි.

එම ඉඩම සහ එහි නිවසක් මෙලෙස ව්‍යාජ ඔප්පුවක් මගින් පවරා ගෙන ඇති බවයි සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ.