2009 වසරේ දෙසැම්බර් මාසයට පසුව අඩුම මාසික රථවාහන ආනයන වියදම වාර්තා කරමින් 2020 වසරේ ජූලි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයන වියදම සියයට 93.6කින් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව 2020 ජූලි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දරා ඇති වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 6.1ක් වන අතර එය 2019 ජූලි මාසයේ පෞද්ගලික රථවාහන ආනයන වියදම් අගය වන ඩොලර් මිලියන 95.4 හා සැසඳීමේ දී 93.6% ක පහළ යාමකි.
මේ අතර 2020 වසරේ මුල් මාස 07 සඳහා මෙම අගය ඩොලර් මිලියන 279.5ක් ලෙසින් වාර්තා වේ. එය 2019 වසර් මුල් මාස 07හි පෞද්ගලික රථවාහන ආනයන වියදම් අගය වූ ඩොලර් මිලියන 419.6 ට වඩා සියයට 33.4 ක අඩුවීමකි.