මංතීරු නීති පිළිබඳ දැනුවත් කෙරෙන පුවරු මාර්ගවල ප්‍රදර්ශණය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.
මෙම පුවරු ප්‍රදර්ශණය කිරිමට කාන්තා පොලිස් නිලධාරිනියන් යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල ඇතැම් අවස්ථා වල විවේචන පවා එල්ලවිය.