මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව තහනම් කර ඇති අලංකරණ කොටස් හැර සෙසු අමතර කොටස් අලංකරණ උපකරණ වාහන සඳහා යොදා ගැනීමේ හැකියාව ලබාදී ඇති බවයි ඔහු සඳහන් කළේ.
ත්‍රීරෝද රථ සහ මෝටර් රථ අලංකරණයට සිදුකර ඇති ඉල්ලම් සලකා බලා මෙම තීරණය ගත් බවත් ක්‍රීඩා සමාජයක ලියාපදිංචි වූ වාහන වලට එම අලංකරණ කොටස් සඳහා විශේෂ අවසරයක් ලබාදෙන බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.