අද රැස්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය.

September 14, 2020 at 8:21 AM

එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (14) පැවැත්වේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරු 03.00 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව වාර්තා වේ.
පක්ශයේ නීති ලේකම් වරයා මීට පෙර නිවේදනය කර තිබුණේ අද සජිත් ප්‍රේමදාස මහතාගෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය නායක ධුරයට සුදුස්සෙකු තෝරාගනු ඇති බවය.
ඔහු පසුව පක්ශයේ නායකත්වයට පත් කෙරෙන්නේ ලබන වසරේ ජනජනවාරි 1 දා බවද සඳහන් විය.