අපරාධ රැඳවියන්ගේ බූස්සේ වර්ජනය අවසන්!

September 14, 2020 at 1:30 PM

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන් කිහිපදෙනෙක් ආරම්භ කළ ආහාර වර්ජනය නවත්වා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා තහවුරු කළේය.

 

කංජිපානි ඉම්රාන්

පොඩි ලැසී

දෙමටගොඩ චමින්ද

බ්ලුමැන්ඩල් සංඛ

ගණේමුල්ල සංජීව

ජපන් චූටි

පරෙයි සුදා

ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සාමාජිකයින් රැසක් එම ආහාර වර්ජනයට එක්වී සිටියේ බ්‍රහස්පතින්දා (10) පෙරවරුවේ සිටය.

ඊයේ (13) වන විට ඉන් 25 දෙනෙකුම එම වර්ජනය අතහැර දමා තිබුණි .

කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය සමයේ ඥාතීන් හමුවිමට නොහැකිවීම හේතුවෙන් ලබාදුන් දුරකථන පහසුකම යලි ලබා ගැනීම

රැඳවියන් හමුවට එන නීතිඥවරුන් පරික්ෂා කිරීම ඉවත් කිරීම

විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන පරික්ෂාවන් ඉවත් කිරීමඇතුළු ඉල්ලීම් ඔවුන්ගේ වර්ජනයේ අරමුණ විය.