සහන පොලියක් යටතේ වසර 30 කින් ගෙවන්න රජයෙන් නිවාස 5000ක්

September 14, 2020 at 10:28 AM

තාරුණ්‍යයේ නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණු පෙරදැරිව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

රජයේ ව්‍යාපෘතියක් වන මෙය හරහා නිවාස 5,000 ක් මධ්‍යම පන්තික ජනතාව වෙනුවෙන් තැනෙනු ඇත.

ප්‍රථම වරට 6.25% වාර්ෂික සහන පොලියට ලබා දෙන මෙම නිවාස සඳහා වසර 30ක ගෙවීම් කාලයක් ලැබෙනු ඇත. එමෙන්ම අවම මුදලක් ගෙවා මෙම නිවාස වෙන්කර ගැනීමේ අවස්ථාව උදා වේ.

කොළඹ, මහනුවර, අනුරාධපුර, පෑලියගොඩ, කොට්ටාව, පන්නිපිටිය හා මාලබේ යන ප්‍රදේශවල දී මෙම නිවාස ව්‍යාපෘති දියත් කෙරේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112-875907, 0777-269740 හෝ 0715-335357 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.