වෛද්‍යවරුන්ට හිතු ලෙස මුදල් අයකිරීම නතර කරන්න රජය මිල සුත්‍රයක් හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

September 14, 2020 at 4:44 PM

වෛද්‍ය සේවාවන් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා. අද (14) අනුරාධපුර පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අධික මිල අය කිරීම් සම්බන්ධයෙන් ජනතාවගේ ලැබුණු පැමිණිලි සලකා බලා මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

රසායනාගාර පරීක්ෂණ, පුද්ගලික රෝහල් ගාස්තු, පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ගාස්තු පාලනය කිරීමටත්, ඒ සඳහා දිවයින පුරා එකම මිලක් යටතේ ගාස්තු අයකිරීමටත් අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව, මේ සදහා කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දී අධික මිල ගණන් අයකිරීම නවතා ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ.