මධුෂ්ට විරුද්ධව පැමිණිලි දාපු මට එකම කුඩුවේ මාස 07ක් ඔහුත් එක්ක ඉන්න උනා – නාමල් කුමාර (VIDEO)

September 14, 2020 at 6:57 PM

දේශපාලන උමනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන් හට කිසිදු චෝදනාවක් නොමැතිව මාස 14ක කාලයක් සිරගතව සිටීමට සිදුවූ බව නාමල් කුමාර ප්‍රකාශ කර සිටිනවා.

හිටපු ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මසහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් තිබෙන බවට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ඉන් පසුව තමන්ට මේ ආකාරයේ ගැටළු සහගත තත්ත්වයකට මුහුණ පෑමට සිදුවූ බවයි ඔහු කියා සිටින්නේ.

එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විත්තිකරුවෙක් බවට තමන් චෝදනා කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් සමග තමන්ට එකම සිර මැදිරියේ මාස 07ක කාලයක් සිටීමට සිදුවූ බවයි මෙහිදී නාමල් කුමාර වැඩිදුරටත් කියා සිටියේ.

ඒ වගේම දැන් ඔය ශානි අබේසේකර මහත්තයා එක්ක එකට හිරේ ඉන්න CID එකේ SI මුණසිංහ ගේ දුරකථන වාර්තාවක් අරන් බලන්න ඔහු දේශපාලඥයින් එක්ක මොන තරම් සම්බන්ධයිද කියලා. මම CID එකේ හිටපු මාස 07 ඇතුලත ඒ ගැන හොඳට දැන ගත්තා. මම මේ කියන ඕනෑම දෙයක් කියන්නේ වගකීමෙන්, නාමල් කුමාර කියා සිටියා.