බුරු ගසන්න මුදල් නොදුන්නාට පුතා මවට පහරදෙයි

September 14, 2020 at 11:19 AM

බූරුවා ගැසීමට මුදල් නොදුන්නැයි උරණ වූ පුතකුගේ පහර කෑමට ලක්වූ වයෝවෘද්ධ මාතාවක් බරපතළ තුවාල ලබා ඊයේ (13) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අම්බලම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68 කාන්තාවකි.

බූරුවා ගැසීමට ඇබ්බැහි වී සිටින සැකකරු නිවසේ තිබූ වී මලූ සියල්ල අවසන් වන තුරු විකුණා දමමින් සූදුවේ යෙදී සියලූ මුදල් පැරදීමෙන් පසුව යළිත් නිවසට පැමිණ රුපියල් දහසක මුදලක් මවගෙන් ඉල්ලා ඇත. එම මුදල් නොදීමෙන් උරණ වූ ඔහු තම මවට මෙලෙස පහර දී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ඊයේ (13 දා) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.