පාලමෙන් පැන දියේ ගිලෙමින් සිටි තරුණිය වීඩියෝ කළ 15 දෙනෙකුට දඩ

September 14, 2020 at 11:31 AM

කටුගස්තොට පාලමෙන් ගඟට පැන්න තරුණියක දියේ ගිලෙමින් සිටියදී පාලම මත මාර්ගය අවහිර වනසේ වාහන නවත්වා තරුණිය දියේ ගිලෙන දර්ශන ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කළ බව කියන රියැදුරන් 15 දෙනකුට තරයේ අවවාද කරමින් රුපියල් 2000.00 බැගින් දඩ පත‍්‍රිකා නිකුත් කිරීමට. කටුගස්තොට පොලිසිය පියවර ගෙන ඇත.

පසුගිය 11 වෙනි දින පෙරවරුවේ මෙම තරුණිය පේ‍්‍රම සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් නිසා ගඟට පැන ඇති අතර ඇය එහිදී මරණයට පත්ව ඇත. එම අවස්ථාවේ 300 ක පමණ පිරිසක් පාලම මතට රැස්ව තරුණිය දියේ ගිලෙන ආකාරය ජංගම දුරකතන මගින් වීඩියෝ ගත කරමින් සිට ඇත.

පාලම මතින් ගමන් ගනිමින් තිබූ වාහනවල රියැදුරන්ද වාහන පාලම මතම නවත්වා සිද්ධිය විඩියෝ ගත කිරීමට උත්සහ කිරීම නිසා මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවූ බව පොලිසිය පවසයි. මාර්ගය අවහිර වනසේ රථවාහන නවතා තැබීම යටතේ අදාළ රියැදුරන්ට දඩ පත‍්‍රිකා නිකුක් කර තිබේ.

පුරවැසි වගකීම් අමතක කර සෙසු ජනතාවටද අපහසුතාවට පත්වන සේ යළිත් කටයුතු නොකරන ලෙස අදාළ පිරිසට අවවාද කිරීමට කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා පියවරගෙන ඇත.