අධි එන්ජින් ධාරිතාව සහිත යතුරු පැදි ගෙන්වීමට තහනමක් : ගෙන්වූ යතුරුපැදි වලට සිදුවන දේ ඇමති කියයි

September 14, 2020 at 7:02 AM

එන්ජින් ධාරිතාව 450-1000 දක්වා ඇති යතුරුපැදි ආනයනය කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. එහෙත් මේ සම්බන්ධ කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කළ යතුරුපැදි ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවයි වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසන්නේ.

ඒ අනුව ලංකාවට ගෙන්වා ඇති එම යතුරුපැදි ලියාපදිංචි කිරීම රුපියල් ලක්ෂ අටක අධිභාරයක් යටතේ සිදුකිරීමට නියමිත බව සඳහන්.