යහපාලන රජය ක්‍රියාත්මක කළ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්‍යාලයේ වියදම් විස්තර කොමිසමක් හමුවට.

September 12, 2020 at 4:26 AM

දේශපාලන පලිගැනීම් පිලිබද ජනපති කොමිසම හමුවේ ලැබෙන පැමිණිලි බහුතරයක් කියා ඇත්තේ පසුගිය රජයේ විධායක සභාවේ නිර්දේශ මත දූෂණ මර්ධන කමිටු වක් හරහා තමන්ව අසාධාරණයට ලක් කල බවයි.

ඊට කැඳවූ පසුගිය රජයේ ඇමති මංගල සමරවීර පැවසුවේ එවැනි ආයතනයක් ගැන තමන් නොදන්නා බවයි.

මේ පසුබිම මත කොමිසම ඊයේ අගමැති කාර්‍යාලයෙන් මෙම දූෂණ මර්ධන කමිටු වේ වියදම් වාර්තාවක් ගෙන්වා ප්‍රසිද්ධ කලේය.