13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හෝ පළාත් සභා මැතිවරණය අහෝසි කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිවල නොමැති බවත් එක් අමාත්‍යවරයෙකුගේ උවමනාවට එවැනි දේ සිදුකිරිම අත්‍යාවශ්‍ය නොමැති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී අසංක නවරත්න ප්‍රකාශ කර සිටිනවා.
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කාගේ හෝ උවමනාව මත සිදුකර ඇති බවට පෙනී යන බව පැවසූ මන්ත්‍රීවරයා පසුගියදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 20 ව්‍යවස්ථා සංශෝධනය ඉක්මන් නොකට සිදුකිරිමට කටයුතු කළ බවට ඇතැම් මන්ත්‍රීවරුන් යෝජනා කළ බවද කියා සිටියා.