පාසල් සිසුවෙකු උස්සා පොලවේ ගැසු තිදරු පියෙකු අද දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා.
බගවන්තලාව ප්‍රදේශයේ දමිල පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 10 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමක් සම්බන්ධයෙන් උරන වු පහර කැමට ලක් වුවේ යැයි කියන සිසුවාගේ පියා විසින් පහර දුන්නේ යැයි කියන සිසුවාගේ නිවසට ගොස් ඊයේ දින රාත්‍රියේ මෙම පහර දිම සිදු කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
තිදරු පියා විසින් පහරදී උස්සා පොලවේ ගැසු පාසල් සිසුවා ඊයේ දින රාත්‍රියේ බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.
පාසල තුලදි පාසල් සිසුන් දෙදෙනා අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා සහ අචාර්යය මණ්ඩලයද ගැටුමට සම්බන්ධ පාසල් සිසුන් දෙදෙනාට දැඩි ලෙස අවවාද කර හැරිමෙන් පසුවයි සැකකරු විසින් පාසල් සිසුවාගේ නිවසට පැමිණ මෙසේ පහර දි උස්සා පොලවේ ගසා ඇත්තේ.