වන සතෙක් ඝාතනය කලොත් දඩය රුපියල් ලක්ෂයයි, කැලෑ ගිනි තියන අයට වසර 05ක සිරදඬුවමක් : වන සතුන් ආරක්ෂා කරන්න එන අලුත්ම නීති

September 12, 2020 at 2:58 PM

වන සතුන් ආරක්ෂා කර ගැනිම සදහා දැඩි දඩුවම් සහිත නව නිති ඇතුලත් පනතක් සති දෙකක් ඇතුලත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි රත්නායක ප්‍රකාශ කර සිටියා.

දැනට තනාපතිවරුන් සමග වට දෙකක් පමණ සාකච්ඡා කලා ඔවුන්ගේ උපකාර ලබා ගන්න. වනජිවි අමාත්‍යාංශය තුල රසායනාගාරයක් ඉදි කරන්න, පශු වෛද්‍යවරුන්ව ශක්තිමත් කරමින්, රෝගකාරක හදුනා ගැනිම, ශල්‍ය වෛද්‍යවරුන් බවට ක්‍රියාත්මක කරන්න සහ අලුත් නිති අණ පනත් ගෙන්න අපි සුදානම් වෙනවා.

සතුන්ට මන්දක් අටවා වැරදි කරුවෙක් වුවහොත් සිර දඩුවම් ලබා දි දඩ මුදල් තුන්ගුණයකින් වැඩි කිරිමට, වනසතෙකු ඝාතනය කලහොත් එම වරදකරුට දඩ මුදල රු ලක්ෂයක් දක්වා වැඩි කිරිමට, වසරක සිර දඩුවම් ලබා දිමට, කැලැ ගිනි තියන අයට අවුරුදු 5ක සිර දඩුවම් ලබා දිමට නිතිය ක්‍රියාත්මක කරනවා.

වනජිවි අමාත්‍යාංශයට ගිලන් රථ අවශ්‍ය කරනවා, මොකද කළු කොටියා රැගෙන යන්න ගිලන් රථ තිබුණානම් අපිට එක පැත්තකින් එම සතාව බේර ගන්න තිබුණා. එ පහසුකම් අපේ රටේ නොමැති නිසා තමයි අපිට එම සතාව බේර ගන්න බැරි වුණේ. එ නිසා මෙම නිති දණ්ඩ නිති සංග්‍රහයට ඇතුලත් කරලා ක්‍රියාත්මක කරන්න, වන සම්පත ආරක්ෂා කර ගන්න, ගත හැකි සියළුම ක්‍රියාමාර්ග ගන්නවා.

කඩොලාන ශාක , මුහුදු අවට සිටින සතුන් රැකගෙන උද්‍යාන තුල සිටින සතුන් රැක ගැනිමටත් අවශ්‍ය කටයුතු කරන්න සුදානම් වෙනවා.

නව නිති කෙටුම් පත් සකස් කරමින් යනවා ඉදිරි සති දෙක ඇතුලත් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා පර්ලිමේන්තුවේ සම්මත කර ගන්න උත්සහ කරනවා.