හන්තාන රක්ෂිතයේ පරිසර සංවේදී භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ල්කෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණියකට එරෙහිව නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබෙනවා.
මේ අතර හන්තාන පාරිසරික ප්‍රදේශයට අයත් නොවන තවත් තවත් අක්කර 30ක පමණ භූමි භාගයක් කිසියම් පිරිසක් විසින් හෙළි පෙහෙළි කර ඇති බවයි මේ අතර වාර්තා වන්නේ. අක්කර 30කින් යුක්ත වූ මේ භූමියේ සැලකිය යුතු ප්‍රදේශයක් මේ වන විට කිසියම් පුද්ගලයෙක් විසින් එලිපෙහෙලි කර ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
මේ අතර හන්තාන රක්ෂිතයේ මීටර් 3000ට ඉහළ පරිසර සංවේදී භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇති බවට හන්තාන සුරැකීමේ සංවිධානය පසුගියදා අනාවරණ කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේ සිද්ධියට අදාල ඉඩම 1990 වසරේදී තමා විසින් මිලදී ගත් බවයි.
අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ නව රජය පත්වීමෙන් පසු වගා කටයුතු පිළිබද රට තුල ඇති කළ උද්යෝගයත් සමග මීට පෙර තේ හා ගම්මිරිස් වගා කර තිබූ ඉඩමට ඇතුලු වීමට පැවති අපහසුතාව හේතුවෙන් එහි වැවී තිබූ තණකොළ පමණක් අඩු කළ බවයි.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ඉඩම හිමි තැනැත්තියට එරෙහිව නඩු පැවරීමට තීරණ කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.