රියදුරු බලපත්‍රයට ඉදිරියේදී රුධිර පරික්ෂාව අවශ්‍ය නැහැ

September 12, 2020 at 11:05 AM

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිදු හේතුවක් මත රුධිර පරීක්ෂාවන් සැළකිල්ලට නොගන්නා බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රුධිර පරීක්ෂණයේදී දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පවතින බවට අනාවරණ වුවද එය රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට බාධාවක් නොවන බවයි.

එමෙන්ම ත්‍රිරෝද රථවල අනවශ්‍ය කොටස් මොනවාද යන්න පිළිබඳව ඉදිරියේදී ගැසට් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.