මුදල් අමාත්‍යංශය ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීලා 79කට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
මෙලෙස වාහන බලපත්‍ර ලබාදීමට සැරසෙන්නේ මෙවර පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටය.
මන්ත්‍රීවරුන්ට එම බලපත්‍ර ලබාදී ඉන් අනතුරුව සෙසු මන්ත්‍රීන් සියලු දෙනාට සති කිහිපයක් තුළ මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.
තීරැ බදු සහන බලපත්‍ර ක්‍රමය යටතේ එක් මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ 65ක පමණ බදු සහනයක් සහිත බලපත්‍රයක් හිමිවෙයි. දැනට වාහන ආනයනය නතර කර ඇති නිසා මෙරටට ගෙන්වා ඇති වාහන හෝ ඉදිරියේදී වාහන ආනයන තහනම ඉවත්කළ විට හෝ මෙම බලපත්‍ර මගින් වාහන මිලදී ගත හැකි බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ සමඟ රාජ්‍ය සේවයේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලාභීන්ටද එම බලපත්‍ර නිකුත් කිරීමට නියමිතය.
රජයේ සේවකයන්ට එකී බලපත්‍ර යටතේ රුපියල් ලක්ෂ 36ක බදු සහනයකට යටත්ව වාහනයක් මිලදී ගැනීමට හැකියාව තිබේ.
(මුලාශ්‍ර : ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය)