පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද හමු වූ අවස්ථාවේදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳ බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කර තිබෙනවා. බිත්තර නිෂ්පාදනයේදී වැයවන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයන් එහිදී කරුණු පැහැදිළි කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
දිවයිනේ සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම හමුවේදී අවධාරණය කර තිබෙනවා. ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත සම්මුතියකට පැමිණෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා අදාළ නියෝජිත පිරිසට දන්වා ඇත්තේ.
කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200 අතර මිලකට පහත හෙළීම පිළිබඳව සහ බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම් ගත එකඟතාවයට මැදිහත්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විෂය භාර අමාත්‍යවරුන්ට මෙම හමුවේදී උපදෙස් ලබාදී තිබෙනවා.