නීතිවිරෝධී ගිනි අවි සහ බෝම්බ ගැන දෙන ඔත්තුවලට ලැබෙන තෑගී මුදල් ගණන මෙන්න

September 11, 2020 at 5:02 PM

නීතිවිරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ඉහළ නැංවීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවෙකු සමඟ ටී 56 ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා රුපියල් 250,000 ක් බැගින් ත්‍යාග මුදල් ලබා දෙනු ඇති.

සැකකරුවෙකු නොමැතිව ටී 56 ගිනි අවියක් සොයාගනු ලැබුවහොත් පොලිස් නිලධාරියෙකු සඳහා රුපියල් ලක්ෂ 2 ක මුදලක් ගෙවනු ලබන අතර, පෞද්ගලික ඔත්තුකරුවෙකු සඳහ 250,000ක මුදලක් හිමිවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මිට අමතරව විවිධ ගිනිඅවි සහ බෝම්බ වලට අදාලව ලබා දෙන තෑගී මුදල් ප්‍රමාණය පහතින් දැක්වේ.