විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් පිරිසක් නිරෝධායනය සඳහා කන්දකාඩුව සහ පුනානී නිරෝධායන මධ්‍යස්ථාන වෙත බස් රථ 9 කින් රැගෙන යමින් සිටියදී බස් රථ දෙකක් අද (11) පොලොන්නරුව නගරයේ මාර්ගය අසළ නවතා තිබූ ටිපර් රථයක ගැටී අනතුරකට ලක්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
අනතුරින් බස් රථවල ගමන් ගත් කාන්තාවක සහ තවත් අයෙකු තුවාල ලබා තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ අබුඩාබි සිට පැමිණි රත්මලාන,මාලිගාපාර,රොටරිපුර පදිංචි 60 හැවිරිදි කාන්තාවක සහ ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි අම්බලන්ගොඩ,තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.
ඔවුහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසයි.