බරපතල ගණයේ සංවිධානාත්මක අපරධාකරුවන් රඳවා සිටින ගාල්ල, බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙක් වන කංචිපානි ඉම්රාන් ගාල්ල නාවික හමුදා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වාර්තා වන පරිදි ආහාර වර්ජනයේ නිරතව සිටි කංචිපානි ඉම්රාන් හදිසි රෝගීවීම හේතුවෙන් බව සඳහන්.
ඊයේ දිනයේ සිට කංචිපානි ඉම්රාන් ඇතුළු රැඳවියන් 37 දෙනෙකු ආහාර වර්ජනයේ නිරතව සිටිනවා. ඒ බුස්ස බන්ධනාගාරයට ලබාදී තිබෙන පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ඥාතීන්ට දුරකතනයෙන් සම්බන්ධ වීමට ඉඩ නොදෙන බව පවසමින්.