පරීක්ෂණ සඳහා නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාම්පල ලබා ගන්නා ලෙස අධිකරණය අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කරනු ලැබුවා. එයට අමතරව එම නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 23 දෙනා ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ද ලබා දුන්නා.
ඒ ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින්.