ලංකාවට Paypal දෙන්න බැරි හේතු 02ක ගැන ඇමති ගම්මන්පිළ පැහැදිලි කරයි

September 10, 2020 at 8:56 PM

මෙරට Pay Pal පහසුකම ලබා නොදීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේදී විශේෂ අවධානයක් යොමු වුවා.

මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ප්‍රධාන කරුණු 02ක් හේතුවෙන් Pay Pal පහසුකම ලංකාවට ලබාදීමට බාධා මතුවී ඇති බවයි.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාලව මුදල් විශුද්ධිකරණය කිරීමට Pay Pal ගිණුම් යොදා ගැනීමේ අවධානමක් මතුව ඇති බැවින් එම පහසුකම මේ දක්වා ලබා දීමට නොහැකිවී ඇති බව කියූ ඇමතිවරයා ඉතා ඉක්මනින් එම ගැටළු විසඳා ගෙන එම පහසුකම මෙරට ස්ථාපනය කිරිමට රජය බලාපොරොත්තුවන බව කියා සිටියා.