රජයේ දැන්වීම් රජයේ මාධ්‍ය ආයතන වලටම

September 10, 2020 at 10:29 AM

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන භාවිතා කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතනයන් රාජ්‍ය අයවැයට බරක් නොවන ලෙසින් පවත්වාගෙන යාමට හැකිවනු පිණිසි සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25% ක වටිනාකමකින් යුත් ප්‍රචාරණ වැඩසටහන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධින රුපවාහිනි මාධ්‍ය ජාලය සහ එක්සත් පුවත් පත්‍ර සමාගම මගින් ප්‍රචාරය කිරිම අනිවාර්ය කොට ඇත.