කළුතර බන්ධනාගාරයෙන් පෙරේදා (8 වැනිදා) සවස පැනගිය සිරකාරියක් පැය තුනක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිවී තිබේ.
සිරකාරිය පැනයාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරීන්ට විරුද්ධව විනය පියවර ගන්නා බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
පානදුර අළුබෝමුල්ල පදිංචි තම්බිගේ දිනේෂා සුභාෂණී නමැති මෙම සැකකාරිය හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාරගත කොට තිබිණි.
දිනකට හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් පානය කරන මැය හෙරොයින් නොමැති වීම දරාගැනීමට නොහැකි වූ නිසා මෙලෙස පලා ගිය බව සැකකාරිය පවසා ඇත.
ඇය රඳවා සිටි ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිවිලිම කඩා එයින් වහලයට ගොඩවී අනෙක් ගොඩනැගිල්ලට මාරු වී බිමට පැන කම්බි දැලට උඩින් පැනගොස් තිබේ. ඇය ඒ අසලම නවතා තිබූ ත්‍රිරෝද රථයකට ගොඩ වූ නිසා එය පසු පස හඹාගොස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බන්ධනාගාර නිලධාරීන් පවසයි.
මෙම සැකකාරියගේ අනියම් සැමියා වන කුකුල් අණ්ඩා නමැත්තා මීට පෙර බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය විසිකිරීමට ගොස් හසු වී එම බන්ධනාගාරයේම රඳවා සිටී