පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ දිනයේදී සාක්ෂි ලබාදෙමින් සිටින අවස්ථාවේදී සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයකු අනවසරයෙන් පටිගතකිරිමේ සිද්ධියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති විනිසුරුවරයා කොමිසමේ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.
වීඩියෝ ගත කිරිමේ ජංගම දුරකථනය ගෙනදුන් නීතීඥවරයාට ද අභියාචනාධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සභාපති විනිසුරුවරයා විසින් කොමිසමේ ලේකම්වරයාට නියෝග කොට ඇත.
එමෙන්ම මෙම නීතිඥවරයාට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විනය කමිටුව මගින් ද සුදුසු ක්‍රියාමාර්ග ගන්න ලෙස සභාපති විනිසුරුවරයා කොමිසමේ ලේකම්වරයාට වැඩිදුරටත් නියෝග කොට ඇත.
කොමිසමේ රැඳී සිටින නීතීඥවරුන්ට නීත්‍යානුකූල ලෙස කටයුතු කරන ලෙස මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා අවවාද කොට තිබෙනවා.