අසුනට රණ්ඩු වූ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි (VIDEO)

September 10, 2020 at 2:29 PM

සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වීමට සූදානම්ව තිබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්‍ යානයක් මගින් මෙරටට පැමිණීමට සූදානම්ව සිටි මගියෙක් වැරදි අසුනක හිද ගැනීම නිසා ඇති වූ තත්ත්වයක් මත එම මගියාව සෞදි අරාබි ගුවන් තොටුපොළේදී ගුවන් යානයෙන් බැස්සවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞදි අරාබියේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය කාල සීමාව පුරා දැඩි කැපවීමෙන් යුතුව සිය මෙහෙයුම් කටයුතු සිදුකරමින් සිටිනවා.

මෙම ගුවන් මගියා තමන්ට වෙන් කර ඇති ආසනයේ හිද නොගැනීම නිසා ගුවන් යානා කාර්ය මණ්ඩලය සමග දිගින් දිගටම බහින්බස් වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ අතර එය එම අවස්ථාවේදී තවත් ගුවන් මගියෙකු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබුණා.

පසු වාර්තා වුයේ අදාළ මගියා මානසික ආබාධිත බව හඳුනාගැනීම හේතුවෙන් ඔහු මේ වනවිට රෝහල් ගතකර ඇතිබව සෞදි තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.

මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වය යහපත් අතට පත්වීමෙන් පසු ඔහුව යළි ශ්‍රී ලංකාව වෙත එවීමට පියවර ගන්නා බවයි සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති ආරංචි මාර්ග සඳහන් කළේ.

 

සෞදියේ සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ශ්‍රී ලංකන් ගුවන් කාර්‍ය මණ්ඩලය සමග පැටලේ.මගියා යානයෙන් බස්සවා යානය පිටත්…

Posted by ජඹුරේවල චන්දරතන හිමි official on Wednesday, 9 September 2020