අද සිට ලබන 11 වන දින දක්වා පාර්ලිමේන්තුව අඅඛණ්ඩව රැස්වීමට නියමිත අතර අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී දැනට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතය.
අභියාචනාධිකරණ තීන්දුවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාව අද දිනයේ පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේය.