මරණ දඬුවම නියමවී සිටින සියළුම සිරකරුවන්ට සතියකට වරක් නිවසට යාමට ඉඩලබාදීමට පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.
අධිකරණයෙන් මරණ දඬුවම නියමවී සිටින ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයේ දිවුරුම් දීමට එරෙහිව රීති ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඔහුගේ මන්ත්‍රීධුරය අවලංගු වන අයුරු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් කර තිබියදී ඉන් ඔබ්බට ගොස් ක්‍රියා කර ඇති බවයි මෙහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ.