අධික වේගයෙන් අපරික්ෂාකාරීව ධාවනය කළ මෝටර් රථයක ගැටුණු දෙදරු පියෙක් ගාල්ල-මාපලගම මාර්ගයේ වලව්ව හන්දිය අසල දී ගිං ගඟට වැටී අතුරුදන් වී තිබේ. ඊයේ සවස මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ සමන් ප්‍රියන්ත නැමැති 37 හැවිරිදි දෙදරු පියෙක් වන අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, නාවික හමුදා සහාය ද ලබා ගැනීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කාර්ය අසීරු වී ඇති බවයි වාර්තා වන්නේ.