බාල වයස්කාර දැරියකට දඬු ලේනෙකු පෙන්වීමට යැයි කියා සිය නිවසට ගෙනගොස් අපයෝජනය කළ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් ලූෂන් වඩුතන්ත්‍රී නියෝග කරනු ලැබුවා. මෙලෙස බන්ධනාගාර ගත කළේ මුලතිව් යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සෙබළෙකි.
නිවස අසල ඇති වෙළෙඳසලෙන් දොළොස් හැවිරිදි සිසුවියක් භාණ්ඩ රැගෙන නිවස වෙත ආපසු යමින් සිටියදී මග රැක සිටි සැකකරු දැරියගේ අතින් අල්ලා තම නිවසේ ඇතිකරන දඬු ලේනා පෙන්වීමට යැයි පවසමින් දැරිය කැඳවා ගෙන ගොස් අපයෝජනය කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
දැරිය මෙම සිදුවීම පිළිබඳ දෙමාපියන්ට දැන්වීමෙන් පසු ඔවුන් මීටියාගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.