ගව ඝාතනය නතර කිරිමට අගමැති ගෙනා යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟ වෙයි

September 8, 2020 at 10:51 PM

ගව ඝාතනය වැළැක්වීමට පියවර ගත යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සම්මත කර තිබෙනවා.

මෙහිදී අවශ්‍ය ගව මස් විදේශ රටවල් වලින් ආනයනය කිරිමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන යෝජනා ඉදිරියේදී අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට සහ අදාළ අමාත්‍යාංශ වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි.