කෝටි ගණනක් වටිනා රත්ත්‍රන් තොගයක් සමග සැකකරුවෙක් STF අත්අඩංගුවට

September 8, 2020 at 9:09 AM

විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෝටර් රථයක ආසන යට ඉතා සුක්ෂම ලෙස සඟවා විදේශ රටකට යැවීමට මෙම රත්ත්‍රන් තොගය සුදානම් කර තිබු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.