පසුගිය දිනවල සංගමන්කන්ද වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 33ක දුරකින් පිහිටි විදේශීය නැවක සිදුවු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බව ධීවරයන් සොයාගෙන තිබෙනවා. මේ හේතුව නිසා ප්‍රදේශයේ ධීවරයන් ධීවර කටයුතු වලින් වැලකී සිට ඇත.
මෙම කරුණ පිළිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වෙත වාර්තා කිරීමෙන් පසු ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිත ආයතනයේ සභාපති අචාර්ය නවරත්නරාජා හා එම ආයතනයේ නිලධාරීන් කැදවු අමාත්‍යවරයා මේ පිළිබදව සාකච්ඡාවක් පවත්වා වහාම වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත් මෙම ධීවරයන්ට ඇති වී ඇති බිය හා සැකය පිළිබද සොයා බලා ඒ පිළිබද සත්‍ය තත්ත්වය තමා වෙත දන්වන ලෙස උපදෙස් ලබා දී ඇත.