කන්දකාඩු මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා රෝගීන් පිරිසක් වාර්තා වෙයි

September 8, 2020 at 11:50 PM

නව කොරෝනා වෛරසය ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

කටාර් සිට පැමිණි පුද්ගලයින් 6 දෙනෙක්, කුවේට් සිට පැමිණි දෙදෙනෙක් සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් 9 දෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් 17 දෙනා අතර  බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මේ වන විට පුර්ණ සුවය ලැබූ රෝගීන් ගණන 2935ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 193ක් වේ.