එජාපයේ නව නායකයා 2021 දී

September 8, 2020 at 11:53 AM

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා ලබන 2021 වර්ෂයේ ජනවාරි මස 01 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පක්ෂයේ පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය නායක ධුරය සඳහා සුදුස්සෙකු නුදුරේදීම පත් කිරීමට කටයුතු කරන බවත් එම නායකයා ජනවාරි මස 01 වෙනිදා පක්ෂයේ නායකත්වය භාර ගනු ඇති බවයි.

ලබන සඳුදා රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.