වසර 35ක් හුදෙකලාව විසු ලංකාවේ “කාවන්” කාම්බෝජයේ අභය භූමියකට

September 7, 2020 at 12:26 AM

ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටින ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට පරිත්‍යාග කළ කාවන් අලියා පාකිස්තානයේ සිට කාම්බෝජියාවට රැගෙන යාමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ලොව පුරා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ මැදහත්වීම මත පාකිස්තානයට වඩා හොඳ තත්ත්වයක් ලබාදීමේ අපෙක්ෂාවෙන් මෙසේ කාවන් කාම්බෝජියාව වෙත රැගෙන යාමට නියමිත අතර ඒ වෙනුවෙන් සත්ව අයිතිවාසිකම් අධිකරණ ක්‍රියාමාර්ග පවා ගැනීමට කටයුතු කරනු ලැබුවා.

කාවන් වසර 35 කට වැඩි කාලයක් පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද්හි සත්වෝද්‍යානයක රැඳී සිටිය අතර ඔහු වැඩීම කාලයක් ලොව හුදෙකලාව සිටිය අලියා බවට විදෙස් මාධ්‍ය හඳුන්වනු ලබනවා.

කාවන්ව එම සත්වෝද්‍යානයෙන් රැගෙන යාමට ප්‍රථමව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වූ අතර එහිදී අලියාට ගමන් කිරීමට සෞඛ්‍යයක් ඇති බව එහිදී තහවුරු වී තිබේ. කාවන් පාකිස්තානයේ මාගසාර් සත්ව උද්‍යානය තුළ රැදී සිටි අතර පසුගිය මැයි මාසයේදී එය වසා දමන ලෙස අධිකරණය නියම කළේ එහි ඇති අවධිමත් පරිපාලනය හේතුවෙනි.

කාවන් මීට පෙර සත්වෝද්‍යානයෙන් ඉවත් කර ගැනීමට නියමිතව තිබුණත් ඊට පෙර ඉන් ඉවත් කර ගැනීමට කටයුතු කළ සිංහයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එය තරමක් ප්‍රමාද වී තිබේ.

සිකුරාදා වෛද්‍ය පරීක්ෂණයෙන් කාවන් තරමක අධි බරකින් පෙළුණත් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තහවුරු වී තිබේ. එසේම කාවන් වාසය කර ඇති ස්ථානයද අඩු පහසුකම් සහිත ස්ථානයක් බවට තහවුරු වී ඇති අතර කාම්බෝජයට රැගෙන යාමෙන් පසුව එහි අභයභූමියක් වෙත කාවන් මුදා හැරීමට සැලසුම් කර තිබේ.