බද්දේගම ප්රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ගැමුණු ඒකනායක ගිනි අවියක් සහ තවත් අවි ආයුධ කිහිපයක් සමග අද අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදීයි.
සැකකරු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්, එම ගිනි අවි සඳහා යොදා ගනු ලබන ජීව උණ්ඩ 06 ක්, මැගසින් 01 ක්, වායු රයිෆලයක්, ජීව අත්බෝම්බයක්, රම්බෝ පිහි 05 ක්, පිස්තෝල රඳවන 03 ක්, උණ්ඩ බහාලන පෙට්ටියක් මෙන්ම ලියාපදිංචි නොකළ යතුරු පැදියක් ද සොයා ගැනුණා.
අත්අඩංගුවට ගනු ලැබූ අවි ආයුධ සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.