ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන යන්නැයි අධිකරණයෙන් නියෝග

September 7, 2020 at 11:27 AM

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදී .

2015 ජනාධිපතිවරණය සමයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ප්‍රේමලාල් ජයසේකර හට රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කරන ලදී.