නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් නිවයි

September 6, 2020 at 3:14 PM

නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමූ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව තහවුරු කළේය.

කෙසේ වෙතත් නෞකාවේ බඳ උණුසුම් තත්ත්වය ක පවතින බැවින් යලි ගින්නක් හට ගැනීමේ අවදානම සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි බවද ඔහු සඳහන් කලේය.