රජය විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රිවරු කිහිප දෙනෙකු රජයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව මන්ත්‍රි ධුර හයක් දිනා ගත් දමිළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායම තමන් රජයට සහාය ලබා දෙන්නේ කුමනාකාරයෙන් දැයි තීරණය කිරීම වෙනුවෙන් ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.
දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පලනි තිගාම්බරම්, එම සන්ධානය නියෝජනය කළ කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් ඇතුඵ හිටපු ඇමැතිවරු කිහිපදෙනෙකු රජය ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දිය යුතු ද නැති ද සහ රජයට එක්විය යුත්තේ කුමනාකාරයෙන් දැයි මේ වන විටත් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයි ද එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
දමිළ දේශපාලන පක්ෂ මන්ත්‍රිවරුන්ට අමතරව සමගි ජන බලවේගයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ තවත් සුළු පක්ෂ කිහිපයක මන්ත්‍රිවරු පිරිසක් ද රජයට එක්වීමේ සූදානමක් පවතින බවත් ඒ වෙනුවෙන් ද මේ වන විට ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් හිටපු ඇමැතිවරුන් වූ රිෂාඞ් බදියුදීන් සහ රාවුෆ් හකීම් යන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රජයට එක්කර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි රජය දැඩි ස්ථාවරයක පසුවන බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.
( මුලාශ්‍ර : දිවයින)