ඇතිව තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය සමග කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී මාර්ගයන් මතට ගස් කඩා වැටී ඇති බව කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කර සිටිනවා.
කොළඹ වොක්ෂෝල් විදිය, අලියානා වටරවුම, ඩුප්ලිකේෂන් විදිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අසල පිහිටි මාර්ගයන්ට මෙලෙස ගස් කඩා වැටී ඇති බවයි ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ.
ඩුප්ලිකේෂන් මාර්ගයේ ධාවනය වෙමින් තිබු බසයක් මතට ගසක් කඩා වැටී තිබු අතර සිද්ධියෙන් තුවාලකරුවන් සිටීද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු වාර්තා වී නොමැති බවයි බම්බලපිටිය පොලිසිය සඳහන් කළේ.