සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ක් දක්වා ඉහළ යා හැකි බැවින් හෙට මධ්‍යහන 12 දක්වා කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ අපේක්ෂා කළ හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින අතර හෙට දිනය වන විට වැසි තත්ත්වයේ යම් අඩුවීමක් වෙනු ඇති බව සඳහන් කර සිටිනවා.