සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසා සිටියේ,
“අපි උපකල්පනය කරන්න ඕනේ මේක කලාපය තුළ නෙමෙයි මේ ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය ලෙසයි. ඒ තරමට විනාශ බලගතු විය හැකියි.“
යනුවෙනි.
“කිරින්දේ සිට නැගෙනහිර පැත්තට ඇති ඉතා සංවේදී පරිසර පද්ධතියට වෙන්න පුළුවන් හානිය ඉතාමත් දැවැන්තයි. කාන්දුවීමක් සිදුවුවහොත් එය සිදුවුනාට පසුව සුදානම් වීමට අපිට කාලය මදි.“
යනුවෙන් ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
යම් හෙයකින් තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අදහස් දක්වමින් පවසා සිටියේ,
තෙල් කාන්දුවු විගස ඝණ බවට පත්වෙනවා. ග්‍රීස් බවට පත්වෙලා වතුරේ පාවෙනවා. මේ ග්‍රීස් ප්‍රමාණය වෙරළ කලාප වෙන ආරුගම්බේ නිලාවේලී, වාකරේ සහ ත්‍රිකුණාමලය දක්වා ආවොත් ඒ තෙල් අයින් කරන්නම කාලයක් ගතවෙයි.
යනුවෙනි.
“එහෙම අයින් කරත් අපිට අයින් කරන්න පුළුවන් වෙන්නේ සියයට 60ක් වැනි ප්‍රමාණයක්. සියයට 40ක් අයින් කරන්න බැහැ. හැම වැලිකැටයක් ගානේ සුද්ද කරන්න බැහැ. ඒ පරිසරයේ තෙල් තට්ටුව ඉවත් කරලා තිබුණ තත්ත්වයට එන්න වසර 25 ක් හෝ 30ක් යයි. එසේ නැත්නම් නොඑන්නත් පුළුවන්. මේ තත්ත්වයේ තෙල් විෂවීමක් ලෝකයේ වෙනවාමයි. මේකෙන් කෙටි කාලීන නෙමෙයි දීර්ඝ කාලයක් හානි වෙනවා. “
යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය