චීනවරාය ගුවන් හමුදා කදවුරේ ගුවන් හමුදාපතිගේ වාර්ෂික පරික්ෂණය පැවති අද (04) උදෑසන වාර්ෂික පරික්ෂණයට පෙර විදුලි නඩත්තු කටයුත්තක යෙදි සිටි ගුවන් භටයන් 05 දෙනෙකුට විදුලිසැර වැදි ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
විදුලි නඩත්තු කටයුත්තේ යෙදි සිටි ගුවන් භටයා නැග සිටි ඉනිමග සෙසු හතරදෙනා අල්ලා ගෙන සිටි අවස්ථාවේ පස්දෙනාටම මෙසේ විදුලිසැර වැදි ඇති බව පරික්ෂණ වලින් අනාවරණය වි තිබේ. විදුලි සැර වැදුනු ගුවන් භටයන් පස්දෙනාගෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර සෙසු තිදෙනා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.