ආයිශ්චර්යා සහ වික්‍රම් චිත්‍රපට රූගත කිරිමක් සඳහා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට

September 4, 2020 at 5:05 PM

සුප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයෙකු මනී රත්නම් සිය නවතම සිනමා පටයේ රූගත කිරිම් ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය ආරම්භයෙන් පසු රූගත කිරිම් ආරම්භ කෙරන පළමු දමිළ චිත්‍රපටය මෙය වනවා.

“පොන්නියන් සෙල්වන්” යනුවෙන් නම් කර ඇති මනී රත්නම් ගේ නවතම සිනමා පටයේ ප්‍රධාන නළුවන් ලෙස වික්‍රම් සහ ජෙයම් රවී තෝරා ගෙන ඇත. කොරෝනා වසංගතය ආරම්භයට පෙර සිනමා පටයේ රූගත කිරීම් කටයුතු හයිද්‍රාබාද් හි පිහිටි රාමොජි රාඕ සිනමා නගරයේ සිදුකෙරෙමින් තිබුණා.

මෙම චිත්‍රපටය විශාල දර්ශන ප්‍රමාණයක් මෙම වසර අවසාන වීමට පෙර ඉන්දියාවේ පුනේ සහ හයිද්‍රාබාද් හිදී රූගත කිරිමට ඔවුන් සැලසුම් කොට තිබුණා.

කෙසේ වුවත් චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරයා ඔවුන්ගේ නවතම චිත්‍රපටයේ රූගත කිරිමේ කටයුතු අවම පිරිසකගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේදී සිදුකිරිමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය ඉදිරියේදී සිදුකිරිමට චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් බලාපොරොත්තු වන බව සඳහන්.

දේවියතිරුමගල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවනු ලැබූ ළමා නිලියක් වන බේබි සාරා ද මනී රත්නම්ගේ මෙම චිත්‍රපටය සඳහා තෝරා ගෙන තිබෙන අතර ජේෂ්ඨ නළුවෙක් වන Nizhalgal Ravi ද මෙම චිත්‍රපටය සඳහා එක්වීමට නියමිතයි.

වසර ගණනාවක් පුරා කැපවී සිටින තමාගේ සිහින ව්‍යාපෘතියක් වන මෙම පොන්නියන් සෙලවන් චිත්‍රපටය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන බවත් එහි පළමු කොටස 2021 වර්ෂයේදී තිරගත කිරිමට බලාපොරොත්තු වන බව මනී රත්නම් පවසනවා.

පොන්නියන් සෙල්වන් චිත්‍රපටයට පාදක වී ඇත්තේ එම නමින්ම කාල්කි ක්‍රිෂ්ණමුර්ති විසින් රචිත නව කතාවක්ය.

මෙම චිත්‍රපටය සඳහා ආයිශ්චර්යා රායි බච්චන්, චියාන් වික්‍රම්, ත්‍රිෂා, ජෙයම් රවී, කාර්ති ඇතුළු ජනප්‍රිය නළු නිලියන් රැසක් එක්වන අතර සංගීත අධ්‍යක්ෂණය AR Rahman විසින් සිදුකරනවා.