පසුගියදා එළිපෙහෙලි කළ හන්තාන ඉඩම වැවිලිකරුවෙකුගෙන් තමා සින්නක්කරව මිල දී ගත් ඉඩමක් බව මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. එම ඉඩම අක්කර 08කින් යුක්ත වනවා.
“හන්තාන ඉඩම පෞද්ගලික අයිතිය ඇති ඉඩමකි“ යන ශීර්ෂපාඨයෙන් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
අදාළ ඉඩම ලියාපදිංචි කිරීමේ කාර්යාල ලේඛනවල පැහැදිලිව සඳහන් වන බවත්, එහි අයිතිය ප්රාදේශීය සභාවේ ද ලියාපදිංචි වී ඇතැයි ද සඳහන් කරන මන්ත්රීවරයා එම ඉඩම රජයට අයත් ඉඩමක් නොවන බව අවධාරණය කර තිබේ.
මීට පෙර තේ හා ගම්මිරිස් වගා කර තිබු අදාළ ඉඩමට ඇතුළුවීමට තිබු අපහසුතාවය හේතුවෙන් උසට වැඩී තිබු තණකොළ ඉතා සැලකිල්ලෙන් අඩුකළ බවත් පෙන්වා දෙන මන්ත්රීවරයා, ඉඩමේ හිමිකරු වශයෙන් තමාට එයට අයිතියක් ඇතැයි ද සඳහන් කර ඇත.
මන්ත්රීවරයා විසින් නිකුත් කළ එම ලිපිය පහතින් දැක්වේ: